🎉 HAPPY NEW YEAR 2026! | Let's start your journey with IMA Campus.
IMA කැම්පස් Golden Business Excellence Awards 2025 හිදී වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය ලෙස පිදුම් ලබයි

IMA කැම්පස් Golden Business Excellence Awards 2025 හිදී වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය ලෙස පිදුම් ලබයි

Published on: December 26, 2025

IMA කැම්පස් (Institute of Masters Academy) මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සලකුණක් තබමින්, අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු Golden Business Excellence Awards 2025 සම්මාන උලෙළේදී විශිෂ්ටතම සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය.

එහිදී "වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය සහ ශිෂ්‍යයන් බලගැන්වීමට හිමි සම්මානය" (Most Outstanding Educational Institution and Student Empowerment Award of the Year) IMA කැම්පස් වෙත පිරිනමන ලදී.

මෙම සම්මානය, IMA කැම්පස් විසින් වසර ගණනාවක් පුරා සිසුන්ගේ උසස් අධ්‍යාපන සිහින සැබෑ කිරීම වෙනුවෙන් ලබාදෙන අසමසම දායකත්වය, අධ්‍යාපන ක්‍රමවේදයන්හි ගුණාත්මකභාවය සහ සිසුන්ගේ වෘත්තීයමය දියුණුව වෙනුවෙන් සිදුකරන කැපවීම මැනවින් නිරූපණය කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් IMA කැම්පස් පාලනාධිකාරිය ප්‍රකාශ කර සිටියේ, මෙය තම ආයතනයේ කැපවීම සහ සිසුන්ගේ විශ්වාසය නිසා ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවත්, ඉදිරියටත් උසස් සහ ප්‍රමිතිගත අධ්‍යාපනයක් ශ්‍රී ලාංකේය සිසු පරපුරට ලබාදීමට මෙමගින් මහත් දිරිගැන්වීමක් ලැබෙන බවත්ය.

මෙම සම්මානය IMA කැම්පස් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.

Chat on WhatsApp
Chat on WhatsApp