2025 වාර්ෂික අධ්‍යයන චාරිකාව Ella බලා

2025 වාර්ෂික අධ්‍යයන චාරිකාව Ella බලා

Published on: June 9, 2025

අධ්‍යාපනයට පමණක් සීමා නොවී, සිසුන් අතර සුහදත්වය, කණ්ඩාඩායම් හැඟීම සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් IMA Campus වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධ්‍යයන චාරිකාව, මෙවර සුන්දර ඇල්ල (Ella) ප්‍රදේශය මුල් කරගනිමින් අති සාර්ථකව පවත්වන ලදී.

විවිධ පාඨමාලා හදාරන සිසුන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම චාරිකාවේදී, ලෝක ප්‍රසිද්ධ නව ආරුක්කු පාලම (Nine Arch Bridge), පුංචි සිරි පාදය (Little Adam's Peak) වැනි සුන්දර ස්ථාන නැරඹීමට සිසුන්ට අවස්ථාව උදා විය. සොබා සෞන්දර්යය විඳිමින්, මිතුරන් සමඟ ගත කළ මෙම දිනය ඔවුන්ට අමතක නොවන අත්දැකීමක් විය.

මෙවැනි චාරිකාවක ප්‍රධාන අරමුණ වන්නේ සිසුන්ගේ විභාග සහ පාඩම් ආශ්‍රිත මානසික ආතතියෙන් මිදී, නව ජවයකින් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා දීමයි. එමෙන්ම, විවිධ පාඨමාලා හදාරන සිසුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ගොඩනැගීමටද මෙය මහඟු පිටුවහලක් විය.

අපගේ කළමනාකාර අධ්‍යක්ෂිකා, දුලාංජි ලියනගේ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්, "IMA Campus එකේ අපේ විශ්වාසය, ශිෂ්‍යයෙක් කියන්නේ විභාග සමත් වෙන යන්ත්‍රයක් නෙවෙයි. ඔවුන්ගේ පෞරුෂය, නායකත්වය සහ සමාජශීලී කුසලතා වර්ධනය කිරීමත් අපේ වගකීමක්. මේ වගේ චාරිකා ඒකට හොඳම අවස්ථාවක්" යනුවෙන් පැවසුවාය.

මෙම සාර්ථක චාරිකාව සංවිධානය කිරීමට දායක වූ සියලු දෙනාට අපගේ ස්තූතිය පිරිනමන අතර, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට IMA Campus බලාපොරොත්තු වේ.

Chat on WhatsApp
Chat on WhatsApp